මැද පෙරදිග යුද්ධයෙන් ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයන්ට දින 14 ක වීසා දිගුවක්

අවශ්‍යතාවය මත යළි කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය.

මැද පෙර දිගු කලාපයේ දැනට පවතින යුධමය වාතාවරණය නිසා ගුවන් ගමන් අවලංගු කිරීමෙන් පිටත්ව යාමට නොහැකි වන විදේශිකයන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර වල වලංගු කාලය ගාස්තු අය කිරීමකින් තොරව දින 14 කාලයකට දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
අවශ්‍යතාවය මත තවදුරටත් වීසා බලපත්‍ර කාලය දීර්ඝ කිරීමටද කැබිනට් මණ්ඩලය එකගත්වය පළ කර ඇත.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

එලෙස දිගු කලක් මෙරට රැඳී සිටීමට සිදුවන විදේශිකයන්ට ආහාර , සෞඛ්‍ය පහසුකම් හෝ වෙනත් සේවා සපයා ගැනීමේදී සහනයන් අවශ්‍ය වන්නේ නම් ඉදිරිපත් වන ඉල්ලීම් සලකා බලා කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

Share This