මැදින් පුර පසළොස්වක පොහෝ දින උතුම් ශ්‍රී පාදය කරුණා කිරිමට ලක්ෂයකට අධික පිරිසක් පැමිණෙයි.

මැදින් පුර පසළොස්වක පොහෝ දින (02) ශ්‍රී පාදස්ථාන කරුණා කිරිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී පාද උඩ මළුවවේ ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පිංකම් රැසක් පැවැත්වේ.

එසේ පැමිණි වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සීත ගගුගේ සිට උඩ මළුව දක්වාම දිගු පෝලිම්වල පැය ගණනතක් රැදී සිටි අතර, ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාද පද්මය කරුණා කිරිමට නොහැකිව ආපසු පහළ බැස ඇත.

මෙවර වැඩිම වන්දනාකරුවන් පිරිස පැමිණ ඇත්තේ හැටන් මාර්ගය ඔස්සේ බව ද ඒ අතරම රත්නපුුර මාර්ගයෙන්ද විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බවද පොලිස් නිළධාරීන් කියා සිටියේය.

‍වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියලුම රථ ගාල්වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් දක්වා කිලෝමෟටර් 6ක් දුරට මාර්ගය දෙපස ගාල් කර තිබුණි.

Share This