මැද­පෙ­ර­දිග රැකගන්න මැදිහත් වන්න – ඉරාන ජනා­ධි­පති – බ්‍රික්ස් සංවි­ධා­න­යෙන් ඉල්ලයි

මැද­පෙ­ර­දිග කලා­පයේ උද්ගත වී ඇති යුද­මය තත්වය සම­ථ­ය­කට පත් කිරිම සඳහා කලා­පීය ආර­ක්ෂක රාමු­වක් සකස් කිරි­මට ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙස­ෂ්කි­යන් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය අග­මැ­ති­ව­රයා වත්මන් සභා­ප­ති­ත්වය දරන බ්‍රික්ස් සංවි­ධා­න­යට මේ ගැටුම් විස­ඳීම සඳහා වැද­ගත් භූමි­කා­වක් ඉටු කළ හැකි බව ද ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දී ඇතැයිද වාර්තා වන අතර අර්බු­දය මධ්‍යයේ නරේන්ද්‍ර මෝදි සමඟ දුර­ක­තන සංවා­ද­යක නිරත වූ ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා මේ යෝජ­නාව ඉදි­රි­පත් කර ඇත. ඊට ප්‍රති­චාර දක්ව­මින් ඉන්දීය අග­මැ­ති­ව­රයා තීර­ණා­ත්මක යටි­තල පහ­සු­ක­ම්ව­ලට එල්ල වන ප්‍රහාර හෙළා දකි­මින් ජාත්‍ය­න්තර නැව් මාර්ගය සුර­ක්ෂිත කිරීමේ වැද­ග­ත්කම දැඩිව අව­ධා­ර­ණය කර ඇතැයි වාර්තා වේ.

 

Share This