මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් ගැන සැක නම් නීතිය හමුවට යන්න

(ශිරාන් රණසිංහ)
ජාතික ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් තිබේ නම් ඔවුන්ට එරෙහිව නීතිය හමුවට යෑමට හැකි බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා කියයි.
නීතිය සැමට එක සමාන බවත්, වත්මන් ආණ්ඩුවේ අයගේ වත්කම් බැරකම් තොරතුරුවල යම්කිසි ප්‍රශ්නයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර වෙත යෑමට පුරවැසියන්ට අයිතිය හිමි බව ද ඒ මහතා පෙන්වා දෙයි.