මැඩගස්කරයට ඔබ්බෙන් බෝට්ටු දෙකක් පෙරළෙයි: සෝමාලියානුවන් 22 දෙනෙකු මරුට
මැඩගස්කරයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරළීමෙන් අවම වශයෙන් සෝමාලියානු පුරවැසියන් 22 දෙනෙකු මිය ගිය බව සෝමාලියාවේ තොරතුරු අමාත්‍ය පවසනවා.
මෙම බෝට්ටු නොවැම්බර් 2 වන දින සෝමාලියාවේ සිට ප්‍රංශ ඉන්දියානු සාගර ප්‍රදේශයක් වන Mayotte වෙත කිලෝමීටර් සිය ගණනක ගමනක් ආරම්භ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් සෝමාලියානු ධීවරයින් විසින් මුහුදේ ගිලෙමින් තිබූ එක් බෝට්ටුවක් මුළදී දැක ඇති අතර ඔවුන් පිරිමින් 10 දෙනෙකු සහ කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු බේරා ගෙන තිබෙනවා. එහි පුද්ගලයින් 32 කු ගමන් කර ඇති බව සඳහන්.
නමුත් එහි සිටි පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය බවයි මැඩගස්කරයේ වරාය, සමුද්‍රීය සහ ගංගා අධිකාරිය පැවසුවේ.
මෙලෙස අනතුරට ලක්වූ අනෙක් බෝට්ටුවේ පුද්ගලයින් 38 ක් ගමන් කර තිබෙනවා.
මෙම බෝට්ටු දෙකෙහිම පුද්ගලයින් 70 දෙනුකු ගමන් කර ඇති අතර, ඉන් 22 කු මරණයට පත්ව ඇති අතර, අනෙක් පිරිසව බේරා ගැනිමට කටයුතු කළ බවයි මැඩගස්කරයේ නාවික අධිකාරිය පවසා ඇත්තේ.