ඉන්දුනීසියාවේ දී කොටු වූ පාතාලයන් සමග හිටපු ඇමැති දෙදෙනකුගේ සබඳකම් – පොලිසියට තොරතුරු ගලයි

(දයාසිලි ලියනගේ)
ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් හා ඉන්දුනීසියාවේ මෙට්‍රොපොලිටන් පොලිසියේ ඒකාබද්ධ මෙහෙයුමකින් ජාකර්තා නගරයේ දී අත්අඩංගුවට පත් වූ පාතාල අපරාධකරුවන්ට හිටපු ඇමැතිවරු දෙදෙනකුගේ සහාය ලැබී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
කොටු වූ පිරිස අතර සිටින ප්‍රබලතම පාතාල අපරාධකරුවෙක් වසර කීපයකට පෙර හිටපු ඇමැතිවරයකුට සම්බන්ධ වී ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තාවේ.
මෙම හිටපු ඇමැතිවරයා හා පාතාලකරුවන් අතර දිගින් දිගටම සම්බන්ධතාවක් තිබුණාද? යන්න පිළිබඳව පොලිසිය දැඩි ලෙස සැලකිලිමත් වී සිටින අතර අවශ්‍ය වුවහොත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.
මෙම දේශපාලනඥයකු දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අතර බලයේ සිටියදී ඉතා දැඩි ලෙස බලය පාවිච්චි කළ පුද්ගලයන් බවද පැවැසේ.