රාජ්‍ය වැවිලි සංස්ථාව කෝටි 185ක් පොලු තියයි ඊපීඑෆ්, ඊටීඑෆ් හා පාරිතෝෂික ගෙවා නැහැ

(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවක සේවිකාවන් වෙනුවෙන් 2010 සිට 2024 දක්වා ගෙවිය යුතු පාරිතෝෂික මුදල්, අර්ථසාධක අරමුදලේ සාමාජික මුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජික මුදල් රුපියල් කෝටි 185කට ආසන්න මුදලක් ගෙවීම් පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
එම මුදල් අතර පාරිතෝෂික වශයෙන් රුපියල් කෝටි පනස්නමයකට ආසන්න මුදලක් ද, සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 69ක් ද, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් ද ගෙවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ 2024 සඳහා වන විගණන වාර්තාවක සඳහන් වේ.
එම නොගෙවා පැහැර හැරි මුදල් වෙනුවෙන් රුපියල් කෝටි 12ක අධිභාරයක් ද රාජ්‍ය වැවිලි සංස්ථාව ගෙවිය යුතුව ඇතැයි එහි සඳහන්ව ඇත.
මීට අමතරව අර්ථසාධක අරමුදලට දායක මුදල් නොගෙවන වතු සේවකයන් වෙනුවෙන් වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදල (ෑීඡී* වෙත රුපියල් නම කෝටියකට ආසන්න මුදලක් ද ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක අරමුදලට රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් ද ගෙවිය යුතුව ඇතැයි එම විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු 16න් වතු 15කට අයත් හෙක්ටයාර් 9,960ක ඉඩම් ප්‍රමාණය වත්කම් ලෙස ගිණුම් ගත කර නොතිබූ බව ද විගණන පරීක්ෂණයේ දී හෙළි වී යැයි එම වාර්තාව කියයි.
එමෙන්ම වැවිලි සංස්ථාව තුළ ඉහළ කළමනාකාරීත්වය වතු සේවක වරප්‍රසාද කප්පාදු කරමින් ප්‍රධාන කාර්යාලයේ ඉහළ තනතුරුවල වරප්‍රසාද රකින්නට කටයුතු කරන බවට වෘත්තිය සමිති කාලයක් තිස්සේ චෝදනා කරයි.