මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නවා
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
සහල් නිෂ්පාදනය කර බෙදාහැරීම රජයේ අරමුණ බවත්, වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.
අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳව සොයා ලැබීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
වෙළෙඳපොළ තුළ පවතින බරපතළ විෂමතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් සහල් මෝල් හිමියන් අසාමාන්‍ය ලෙස ලාභ ලබමින් සිටින බවත් එම අසාමාන්‍යතා රජය විසින් හඳුනාගෙන ඊට පිළිතුරු සෙවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.