මාලිමා මන්ත්‍රි මනුවර්ණට වරෙන්තු

මාලිමා මන්ත්‍රි මනුවර්ණට වරෙන්තු

(අකිලා නදීෂානි බණ්ඩාර)
නඩු දෙකකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වරෙන්තු නිකුත් කරයි.
ඒ, 2008 වර්ෂයට අදාළව සැකකාර ජගත් මනුවර්ණ යන අයට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළවයි.
මෙම නඩුව 29දා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිට නොමැති අතර ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග ‘කළේය.’

Share This