මාලිමා ආණ්ඩුව වගකීම පැහැර හැරලා – සර්ව ජනබලය නිවැරදි නැකැත් සීට්ටුව ජනගත කරයි

මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති සම්ප්රදාය අනුව අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබා දීම සිදුකෙරුණේ රාජ්‍ය අනුග්‍රහයෙන්, සංස්කෘතික අමාත්‍යංශය තුළිනි.
නමුත් ඉතිහාසයේ පළමු වරට, මාලිමා ආණ්ඩුව එම වගකීම පැහැර හරිමින්, ලාංකේය සංස්කෘතියේ මහා මංගල්‍යය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටියහ.
සිංහල දමිල අලුත් අවුරුද්ද යනු ලාංකේය අපගේ මහා සංස්කෘතික දයාදයයි, අපගේ උරුමයයි.
එය මතු පරපුරට උරුම කර දිය යුතු, ලාංකේය අප ලෝකයෙන් වෙනස් කරවන, අපගේ වර්ණයයි. අපගේ හැඩයයි.
ඒ උරුමය රැකගනු වස් කැපවන දේශපාලන බලවේගයක් ලෙස, සම්ප්‍රදායානුකූලව, ප්රවීණතම ජෝතිෂ්‍යවේදීන් විසින් නිර්මාණය කළ, නිවැරදි නැකැත් සීට්ටුව ජනගත කිරීම අද සිදුවිය.
ඒ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් ආයතනයේදීයි.
ඒ සඳහා සර්වජන බලය ජාතික නායකත්වය සහ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදීන් එක්ව සිටියහ.
