මාලිමාව බලය ගත් පසු රටට කිසිම වැරදි වැඩක් කළේ නැහැ

(බණිදු ලෝකුරුගේ)
අපි රට භාරගෙන වැඩ කරපු කාලය තුළ රටට කිසිම වැරදි වැඩක් කළේ නැහැ. අපි කිසිවිට ඒකාධිපති ගමනක් යන්නේ නැහැ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා යැයි ජාතික ජනබලවේග මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පැවැසීය.
ජවිපෙ වගේ දේශපාලන ව්‍යාපාර ලෝකයේ කිසිම රටක මහජන ඡන්දයෙන් බලය අත්පත් කරගෙන නැහැ. නමුත් අපට හැකියාව ලැබුණා ජනතාව දැනුවත් කිරීම් හමුවේ රටේ ආණ්ඩු බලය ලබාගන්න. ලෝකයේ එවැනි අලුත් දේවල් සිදුවෙන්න පුළුවන්. අපි යන ගමන හරිද කියලා ජනතාව තීරණය කරමින් ඉන්නවා. මීට පෙර කවදාවත් ශ්‍රී ලංකාව තුළ එහෙම වෙලා නැහැ. පාලන බලය ගත්තට පස්සේ පාලකයා පාලකයාගේ ගමන ගියා. ජනතාව පැත්තකට වුණා. නමුත් අද ජනතාව අපි ගැන විපරමින් ඉන්නවා. අපි ඒකට හරි කැමතියි යනුවෙන්ද මන්ත්රවරයා පැවැසීය. ඒ මහතා මෙලෙස පැවැසුවේ ස්වර්ණවාහිනි නාලිකාවේ නාඩිය වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදඅරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
ළඟදී ලාල්කාන්ත මන්ත්‍රීතුමා කිව්වනේ අපිට ආණ්ඩු බලය තිබුණට රාජ්‍ය බලය නැහැ කියලා. ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි අතර වෙනසක් තියෙනවා. ඇත්තටම රාජ්‍ය බලය සම්පූර්ණයෙන් අපේ අතේ නෙවෙයි තියෙන්නේ. ඒවා අපි ක්‍රමානුකූලව වෙනස් කරගන්න ඕන. බාල වර්ගයේ ගල් අඟුරු රටට ගෙනල්ලා තියෙනවා නම් ඒවට ගන්න ඕන පියවර අපි හරියටම ගන්නවා යනුවෙන්ද පැවැසීය.
