මාලිමාවට බලය හිමි දොඩන්ගොඩ ප්‍රා. සභාවේ අයවැය පරදී

(ප්‍රේමකුමාර සිංහආරච්චි, නි. අමරසිංහ)
ජාතික ජන බලවේගයට බලය හිමි දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය 13දා පරාජයට පත්විය. අයවැයට පක්ෂව ඡන්ද 12ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 13ක් හිමිවිය. ඒ අනුව එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට පත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයට සභික ධූර 12ක් හිමිවූ අතර සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට සභික ධූර 13ක් හිමිවිය.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීම සඳහා පැවැති රහස් ඡන්දයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජාතික ජන බලවේගයට සහාය ලබාදීම හේතුවෙන් ඡන්ද 14ක් ලබා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සභාපති ලෙස තේරී පත් විය.
