මාලබේ පාසලක හත වසරේ සිසුවියක් දිවි හානි කරගෙන

(කොට්ටාව – හෂාන් පුෂ්පික)
මාලඹේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හත වසරේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් සිය නිවසේදී 01දා සියදිවි හානි කරගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාල දියණිය වන මෙම සිසුවිය 01දා දහවල් මවුපියන් වෙනත් කටයුත්තකට නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී ඥාති දියණියක සමග නිවසේ සිටියදී උපකාරක පන්තියකට යෑම සඳහා දියණියගේ මිතුරියක් නිවසට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඒ බව දැනුම් දීම සඳහා නිවසේ සිටි අනිත් දැරිය ඇයගේ කාමරයට ගිය අවස්ථාවේදී සියදිවි නසා ගෙන සිටින අයුරු දැක ඇත.
පසුව කොළඹ කඩුවෙල හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය මෘත දේහය තැන්පත් කර තිබූ ඔරුවල දිසා රෝහලට ගොස් ස්ථානීය පරීක්ෂණ සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.
එහෙත් මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
