මාරක අනතුරු තුනකින් තිදෙනෙක් මරුට
විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව සඳහන් කළා.
වෙන්නප්පුව පොලිස් වසමේ හලාවත – කොළඹ මාර්ගයේ පේරගස්හන්දිය ආසන්නයේ පුද්ගලයෙකු රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කළ බව සඳහන්.
ඒ වනවිට වයස අවුරුදු 65 – 70ත් අතර පසුවන අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි, පොලිසිය නිවේදනය කළේ.
එමෙන්ම මීගමුව – කොළඹ මාර්ගයේ පෑළියගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර වඩුක්කෝට්ටේ පොලිස් වසමේ සිත්තන්කේනි මාර්ගයේ සුලිපුරම් හන්දිය අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකිව විදුලි රැහැන් කණුවක යතුරුපැදියක් ගැටීමෙන් එහි පැදිකරු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 17ක් වූ කරෙනගර් පාර, මූලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.