මානව හිමිකම් නිලධාරිනියක් කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක්

(නිමල් දයාරත්න)
මානව හිමිකම් කොමිසම් සභාවේ අත්තනෝමතික ක්‍රියාවන් වහා විමර්ශනයට ජනාධිපතිවරයා කමිටුවක් පත් කරන තුරු එහි සේවය යුතු මානව හිමිකම් නිලධාරිනී අයන්ති ශිරෝමි මහත්මිය එම කොමිසම් සභා සංකීර්ණය ඉදිරිපිට සත්‍ය ක්‍රියාවක් ආරම්භ කර ඇත.
20 වසරක අත්දැකීම් ඇති තමා හට මාස 10ක් තිස්සේ කිසිදු රාජකාරිය පැවරීමකින් තොරව සේවයේ යෙදවීම, සේවක ඉල්ලීම් නොසලකා හරිමින් ලේකම් ධුරය සඳහා අවධිමත් ලෙස පත්වීම් ලබා දීම අක්‍රමිකතා ඵලදායී සබඳතා මත තනතුරු ලබාදීම රජයේ මුදල් අවභාවිතා කිරීම, විගණන විමසුම් සඳහා ව්‍යාජ තොරතුරු ලබාදීම, දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම යන කරුණු මත මෙම සත්‍ය ක්‍රියා සිදුකරනු ලබන බැව් එම නිලධාරිනිය පවසයි.
“මාස දහයක කාලයක් සිට මට සභාපති ඇතුළු කොමසාරිස්වරුන් කිසිදු රාජකාරියක් පැවරීම සිදු නොකර මට වැටුප් ගෙවනවා. මහජනතාවගේ බදු මුදලින් මම මේ විදියට වැටුප් ලබන්නේ. මට ඒක හරි පීඩාවක්. මම වංචාවක් කරනවා කියලා හිතෙනවා. පඩි ලැබුණට මහජනතාවට සේවයක් කරන්න අවස්ථා දීලා නෑ. මට රාජකාරි නොපවරමින් සේවය යෙදවීම අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ 2023 අංක 19 අල්ලස් පනත යටතේ ඒක දූෂණයක් විදිහට ස්ථාපනය කර තිබෙනවා. මේ සභාවේම නිලධාරීන් විසින් මේ කරුණු කාරණා සියල්ලම වෙනුවෙන් ජනාධිපතිතුමා ස්වාධීන කොමිටියක් පත් කරන්න ඕනි. ජාත්‍යන්තර මානව හිමිකම් දින මේ විදිහට සත්‍ය ක්‍රියාවක් පවත්වන්නේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ගන්නයි නැතිව මගේ පුද්ගලික සුබ සිද්ධියකට නොවන බව ද මානව හිමිකම් නිලධාරිනි අයන්ති නීරෝමණී මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව නීතිඥ හෂානි චිත්‍රාංගනි පතිරණ මහත්මිය එම කොමිසම් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
ඡායාරූප – වට්ස්ඇප් කර ඇත.
