මාකොළ බාලක රැඳවුම් නිවාසයකින් ළමුන් 15ක් පැනයයි

මාකොළ බාලක රැඳවුම් නිවාසයකින් ළමුන් 15ක් පැනයයි

(සෙනාෂ් කොළවත්ත)
සපුගස්කන්ද මාකොළ බාලක රැඳවුම් නිවාසයේ රඳවා සිටි ළමුන් පහළොස්දෙනෙක් එම නිවාසයෙන් මිදී පළාගොස් ඇතැයි මාකොළ පොලිසිය කියයි.
වයස අවුරුදු 14ත් 17ත් වයස්වල පසුවන දරුවන් මෙම නිවාසයේ රඳවා ඇත්තේ විවිධ සිද්ධීන්වලට අදාළව අධිකරණ නියෝග මත යැයි ද පොලිසිය පවසයි.
මෙම දරුවන් පිරිස 28දා පැනගොස් ඇතැයි ද එම දරුවන්ට එරෙහිව මත්ද්‍රව්‍ය, මනුෂ්‍ය ඝාතනවලට අනුබලදීම, සොරකම්, කොල්ලකෑම් ආදී චෝදනා මත අධිකරණ හරහා රැඳවුම් නියෝග නිකුත් කර තිබූ බවත් ඇතැම් අයට අධිකරණවල නඩු විභාග වෙමින් තිබෙන බව ද එම නිවාසයේ රැකවරණ නිලධාරිනිය පොලිසියට දැනුම් දී ඇත.
මෙම පළාගිය දරුවන් බොරැල්ල, බණ්ඩාරගම, මාලිගාකන්, මට්ටක්කුලිය, වැල්ලම්පිටිය, අඟුලාන, බෙම්මුල්ල, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවල අයවලුන් බව ද පොලිසිය කියයි.

Share This