මහියංගනය ප්‍රා. සභාවේ අයවැය නූලෙන් බේරෙයි

මහියංගනය ප්‍රා. සභාවේ අයවැය නූලෙන් බේරෙයි

(හසලක ඒ. මු. සු. ඒකනායක)
මහියංගන ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අය – වැය යෝජනාව වැඩි ඡන්ද එකකින් සභා සම්මත විය.
සභාපති නීතිඥ ඩබ්ලිව්.එම්.සී. උපේක්ෂා විජේතුංග මහත්මියගේ (ජාතික ජනබලවේගය) ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ මහ සභාවේ දී සභාපතිවරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ අය – වැය යෝජනාවට ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 13 දෙනා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එයට විපක්ෂව ඡන්ද 12ක් ලැබුණි. ස්වාධීන මන්ත්‍රී එච්. එම්. ප්‍රේමසුනිල් මෙදින සභාවට පැමිණ සිටියේ නැත.
මහියංගනය ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගය (13), සමඟි ජන බලවේගය (06), එක්සත් ජාතික පක්ෂය (02), පොදුජන එක්සත් පෙරමුණ (01) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (03) ලෙස මන්ත්‍රිවරුන් 25 දෙනෙකුගෙන් සහ එක් ස්වාධීන මන්ත්‍රීවරයකුගෙන් සමන්විත වේ.
සභාපතිවරිය විසින් ඉදිරිපත් කරනු ලැබු අය වැය වාර්තාවේ 2026 වර්ෂයේ සැලසුම් කරන ලද ආදායම රුපියල් දහනම කෝටි අසූහත් ලක්ෂ පනස් දහස් පන්සිය හැත්තෑ අටයි ශත හැටක් වශයෙන්ද සැලසුම් කරන ලද වියදම් රුපියල් දහනව කෝටි අසූහත් ලක්ෂ පනස් දහස් පන්සිය හැත්තෑ අටයි ශත හැටක් වශයෙන්ද සදහන් කර තිබිණි.

Share This