මහින්ද හා මෛත්‍රිගේ වාහන ඉල්ලීම ප්‍රභූ ආරක්‍ෂක සමාලෝචන කමිටුවට

මහින්ද හා මෛත්‍රිගේ වාහන ඉල්ලීම ප්‍රභූ ආරක්‍ෂක සමාලෝචන කමිටුවට

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කියමින් වෙඩි නොවදින රථ ඇතුළු වාහන යළි ලබාදෙන ලෙසට කළ ඉල්ලීම මේ වන විට ප්‍රභූ ආරක්‍ෂාව සමාලෝචන කමිටුවට භාර දී ඇතැයි මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හා පවුලේ උදවියට අදාළව හිමිකම් පනත සම්මත වූ පසු ඔවුනට රජයෙන් ලබා දී තිබූ නිවාස සහ වාහන ආපසු රජයට භාරදීමට සිදුවිය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් යළි වෙඩි නොවදින රථ ඇතුළු වාහන හිමිකම් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීම සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

Share This