මහින්ද ගැන අර්චුනා දුක්වෙයි

-නිමල් දයාරත්න-
දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දකුණේ ජනතාව විසින්ම අද එළියට දමා ඇතැයි යාපන දිස්ත්රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්රි රාමනාදන් අර්චුනා පවසයි.
තමන්ද මහින්ද රාජපක්ෂට විරුද්ද බවද ඔහු අපේ දෙවියන් නොවේ. ඒත් මහින්ද රාජපක්ෂ දකුණේ දෙවියන්ට දකුණේ ජනතාවට අද උතුරේ නිදහසේ ඇවිදින්න හැකිවී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ නිසා බවද එම මන්ත්රිවරයා 21 පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අපි ජාතිවාදයට විරුද්ධයි. දකුණේ ජනතාවට පුළුවන් තරම් උතුරට ඇවිල්ලා උතුරේ තත්ත්වය දැකබලා ගන්න ඕනි. උතුරේ ජනතාවත් දකුණට එන්න ඕන. මාත් දකුණේ කෝවිල්වලට යනවා. ඒ නිසා කවුරු හරි ජාතිවාදය අවුස්සන කතා කියනවා නම් ඒකට අපි විරුද්ධයි. උතුරේ ජනතාවට දකුණට එන්න ඕන නැහැ. දකුණේ ජනතාවට උතුරට යන්න ඕනෑ නෑහැ කියල කතාවලටද විරුද්ධ බවද රාමනාදන් අර්චුනා පවසයි.
