මහින්ද අනුරට අත වනයි

මහින්ද අනුරට අත වනයි

පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට පොහොට්ටුවට එන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා.
මෙම ආරාධනාව සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහ පොහොට්ටුවේ මහ ලේකම් නීතීඥ සාගර කාරයවසම් විසිනි.

මෙම ආරාධනාව සිදු කර ඇත්තේ පෙරේදා (05දා) රාත්‍රි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැනට පදිංචිව සිටින නුගේගොඩ පූර්වාරාම පාරේ පිහිටි නිවසේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයකදීය.
එම ආරාධනාවට ස්තුති කළ අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ප්‍රතිචාරය ඉදිරියේදී දැනුම් දෙන බවයි.
චමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ, මහින්ද යාපා අබේවර්ධන, අජිත් රාජපක්ෂ, ජානක වක්කුඹුර, සුමිත් උඩුකුඹුර, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසක් මෙම භෝජන සංග්‍රහයට සහභාගී වී සිටියහ.

Share This