මහාධිකරණ විනිසුරුවරු 17කට පත්වීම්

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපි ඊයේ (03දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බාර දී ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කර තිබේ.
මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මෙසේය.
එස්.එස්.කේ. විතාන, ඒ.එම්.අයි.එස්. අත්තනායක, ඒ.එම්.එම්. රියාල්, ඩී.පී. මුදුකොටුව, එස්.බී.එච්.එම්.එස්. හේරත්, ජේ. කජනිදීපාලන්, ඩී.එම්.ඩී.සී. බණ්ඩාර, ඩී.එම්.ඒ. සෙනෙවිරත්න, ඒ.ඒ. ආනන්දරාජා, ජී.එන්. පෙරේරා, ඒ. ජුඩේසන්, ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග, ආර්.බී.එම්.ඩී.ආර්. වැලිගොඩපිටිය, ඩී.එම්.ආර්.ඩී. දිසානායක, එම්.අයි.එම්. රිස්වි, ඒ. ජයලක්ෂි ද සිල්වා ඇතුළු එච්.එම්.බී.ආර්. විජේරත්න, කේ.ඩී.එන්.වී. ලංකාපුර මහත්මීහුද මෙම ලේඛනයට ඇතුළත්ව ඇත.