මහවැලි ගඟෙන් නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවෙයි

මහවැලි ගඟෙන් නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවෙයි

මහවැලි ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (10) දින හමු වී තිබෙනවා.

නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ මල්ලන්ද පාලම යට මහවැලි ගඟේ තිබී මෙම මළ සිරුර හමුවූ නාවලපිටිය පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මළසිරුරක් පාවෙමින් තිබෙන බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පාවෙමින් තිබූ සිරුර ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගසා තිබෙනවා.

අවු 40-45 වයසේ පසුවන නාදුනන පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරික්ෂාව සිදුකිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

Share This