මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක හිටපු විදුහල්පතිනිය ගැන පරීක්ෂණ

(මහනුවර – එස්.කේ සමරනායක)
මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක හිටපු විදුහල්පතිනියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය පැවසුවාය.
හිටපු විදුහල්පතිනිය එම විදුහලේ සිය ධුරය දරන සමයෙහි සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා හා වෙනත් සිද්ධීන් කිහිපයක් පිළිබද මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
හිටපු විදුහල්පතිනිය සම්භන්ධයෙන් පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවද ලේකම්වරිය කීවාය.
දැනට මෙම විදුහල්පතිනිය අගනුවර ජනප්‍රිය බාලිකා පාසලක විදුහල්පතිනිය ලෙස සේවය කරයි.