මහනුවර ජාත්‍යන්තර පාසලක සිසුවෙක් පාසල තුලම වාහනයකට යටවී මියයයි

මහනුවර ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි හත්හැවිරිදි සිසුවෙක් විදුහල් පරිශ්‍රය තුළදී වාහනයකට යටවී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.
අදාළ සිද්ධිය පාසල් පරිශ්‍රය තුළදී සිදුවී ඇති අතර, සිසුවා වාහනයකට යටවීමෙන් බරපතළ ලෙස තුවාල ලබා මියගොස් ඇති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහනුවර මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.
