මහනුවර උසස් බාලිකා විදුහල්පතිනියට එරෙහි විමර්ශනවලට විශේෂ කණ්ඩායමක්

(මහනුවර එස්.කේ සමරනායක)
මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පතිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන විමර්ශන කටයුතු මන්දගාමි අයුරින් සිදුවන බව එම පැමිණිලි විධිමත් අයුරින් ඉදිරිපත් කළ පැමිණිකාර ගුරුවරුන් චෝදනා කරති.
මෙම විදුහල්පතිනියගේ ඇතැම් ක්‍රියාකාරම් චෝදනාවට ලක්වී ඇති අතර එම චෝදනා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙත ඉදිරිපත් කර විමර්ශන කටයුතු සිදු කෙරේ. එම විමර්ශන කටයුතු සිදු කෙරෙන අතරතුර ගුරු මණ්ඩලයේ සියයකට අධික ගුරුවරුන් පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් මගින් වත්මන් විදුහල්පතිනියගේ ක්‍රියාකාරකම් අභියෝගයට ලක් කර ඇයව ඉවත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අවස්ථා කිහිපයකදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර පරීක්ෂණ කටයුතු කඩිනම් කර සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරන ලෙස එම කමිටුවේ සම සභාපති ඇමැති ලාල් කාන්ත මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් වීරසූරිය මහතාට උපදෙස් දුන්නේය.
එම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ අදාළ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ලැබී තිබුණු පැමිණිලි මත පසුගිය කාලයේ සිදු කෙරුණු විමර්ශන වාර්තා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව එම විමර්ශන කටයුතු සිදු කරන බවද අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් පාසලට පැමිණ කරුණු විමර්ශනය කළ බවද ඒ මහතා පැවැසීය.
පසුගියදා එසේ විමර්ශන කණ්ඩායම පැමිණි අවස්ථාවේ විදුහල්පතිනියගේ උපදෙස් මත පාසලට පැමිණි බාහිර පාර්ශ්වයක් ගුරු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කළ බව පවසමින් ගුරු වරුන් විදුහල්පතිනියගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයකද නිරත වූහ.
