මස්කඩ ගැටලුවකින් ගාලේ ප්‍රාදේශීය සභාව උණුසුම්

(දඹුල්ල – චමින්ද නවරත්න)
ගලේවෙල ප්‍රාදේශීය සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂය ගෙන ආ යෝජනාව පරාජය කරමින් විපක්ෂය ගෙන ආ හරක් මස් කඩ විනිවිධ භාවයකින් සියලු දෙනාටම ඉල්ලුම් කළ හැකි වන පරිදි තාවකාලික බලපත්‍ර මත ලබා දීමට සභාවේ එකඟතාවය 24 දින වාද විවාද තර්ක විතර්ක මැද සභාගත විය.
ගලේවෙල ප්‍රාදේශීය සභාවේ විශේෂ මහ සභා රැස්වීම 24 දින පෙරවරුවේ සභාපති යූ.ජී.අයි. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. යෝජනා අදහස් රැසක් සම්මත කරගැනීමෙන් අනතුරුව සභාපතිවරයා සබාව විනාඩි 10කට කල් තබා එකවරම සභාපතිවරයාට පිටුපසින් අසුන් හතක් පනවා අසුන්වලට ප්‍රදේශයේ හරක් මස්කඩ පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් හත් දෙනෙකු වාඩි කර වන්නට වූහ
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගිට ඊට දැඩි විරෝධය එල්ල කරන්නට විය. එය තමාගේ පමණක් නොව සියලු දෙනාගේ විරෝධයත් බවත් මෙහි අරමුණ එම ව්‍යාපාරිකයන් ගේ මුහුණ බලාගෙන මන්ත්‍රීවරුන් අසරණ කොට ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය ඉටුකරදීමට බව චෝදනා කරන්නට විය.
එහිදී සභාපති කරුණාරත්න මහතා සඳහන් කළේ බල ප්‍රදේශයේ ඕනෑම අයෙකුට සභාවේ ගැලරියේ වාඩිවීමට අවස්ථාව ඇති බවය. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි ලෙස සඳහන් කළේ ස්වාධීන ඇපල් ගෙඩියෙන් තරගකොට මන්ත්‍රිවරයකු ලෙස පත් වූ සභාවේ උප සභාපතිවරයා වූ එස්.එම්. මකීන් මහතා විවිධ වරප්‍රසාද වරදාන ලබාගෙන ආණ්ඩු පක්ෂයට බලය පවත්වාගෙන යෑම සඳහා සහාය ලබා දී ඔහුට හිතවත් මස් කඩ පවත්වාගෙන යන හත් දෙනකුට ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව මස් කඩ ලබාදීමේ ක්‍රියාවලියක් සිදු වන බවය. ඒ සඳහා ඔහු පුද්ගලිකව ඔවුන් සමග සාකච්ඡා කොට මෙම පිරිස රැගෙන ආ බවද දිගින් දිගටම විපක්ෂයේ චෝදනාව විය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ජී.එල්. විජේරත්න මහතා යෝජනා කර සිටියේ ප්‍රාදේශීය සභාවේ හරක් මස් අලෙවි කරන ක්‍රියාවලිය සිදු කරගෙන යන පසුගිය වසරේ ටෙන්ඩරය ලබා ගත් හත් දෙනාට නැවත ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව දීර්ඝ කිරීමක් සිදු කළ යුතු බවට යෝජනා කරන්නට විය. එම යෝජනාවක් ආණ්ඩු පක්ෂයේම පිරිසක් ස්ථිර කිරීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් ඊට දැඩි ලෙස උරන වූ විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නීතිය පිළිබඳවත් විවේචන කරන්නට විය, වසර හතළිහක කාලයක් එකදිගටම මස් කඩ වාර්ෂිකව ටෙන්ඩර් කිරීමකින් ලබාදුන් බවත් එම ටෙන්ඩර් කලේ මස් කඩ නොව එම ස්ථානයේ මස් අලෙවිය සදහා අවශ්‍ය බලපත්‍ර ලබාදීම සිදුකළ බවද ඔවුන් පැහැදිලි කරන්නට වූහ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ වසර හතළිහක් තිස්සේ වැරදි ක්‍රමවේදයක් අනුගමනය කරගෙන ගොස් එය නිවැරදි කිරීම තම පාලන පක්ෂය මගින් සිදුකරන බවය
මස් කඩ වාර්ෂික ටෙන්ඩර් කිරීම ආදී කටයුතු පිළිබඳව මධ්‍යම පළාත් පාලන කොමසාරිස්තුමියගෙන් කරන ලද උපදෙස් විමසීම් අනුව එතුමිය විසින් මධ්‍යම පළාත් ලේකම් වෙතින් මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ඉල්ලා ඇති බව දන්වා ඇති නිසාවෙන් නීති උපදෙස් ලැබෙන තුරු මස් කඩවල වෙළඳ අයිතිය 2025.12.31 පසුව සිදු කරන තීරණය ගැනීම සඳහා මෙම යෝජනාව සබාපති වරයා ගෙනවිත් තිබිණි.
කෙසේ වෙතත් එහි නීතිමය තත්ත්වය ලිඛිතව ලැබෙන තුරු ප්‍රදේශයේ පදිංචි ඕනෑම අයෙකුට පිළිගත හැකි විනිවිද භාවයකින් ඕනෑම අයකුට ඉල්ලුම් කොට බලපත්‍ර සුදුසු ලන්සුවකට මස් කඩ ලබා දීමේ ක්‍රියාවලිය සිදුකරන ලෙස විපක්ෂය ගෙන ආ යෝජනාව නිතිය අනුව සිදු කරන බව පවසා සභාපතිවරයා වූ කරුණාරත්න මහතා සභාව අවසන් කිරීමට යද්දී නැවත මහා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූයේ එම තීන්දුව කුමක්ද යන්න ප්‍රකාශයට පත්කරන ලෙසත් එසේ නොවන්නේ නම් මහ සභාවේ වාඩි වී සිටින ව්‍යාපාරිකයන් හත් දෙනාට මස් කඩවල ඊළඟ වසරේ හිමිකාරීත්වය දෙන්නේද යන්න විපක්ෂය විමසන්නට වූහ. සභාපතිවරයා සඳහන් කළේ විපක්ෂය සිදු කළ යෝජනාව අනුව ඕනෑම අයෙකුට එම අවස්ථාව ලබාදීමට තමන් තීරණය කළ බවය.
පසුව පැමිණි මස් කඩ හිමියන් සභාවෙන් පිටව යන්නට විය.
