මන්ත්‍රි විශ්‍රාම වැටුප් කපන පනත පාර්ලිමේන්තුවට

(එන්. අමරසිංහ)
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ඊයේ (7දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගිය දෙසැම්බර් 26 වන දින ගැසට් කරන ලදී.
