මන්ත්‍රිවරියන් හෙට රෝස පාටින් සභා ගැබට

මන්ත්‍රිවරියන් හෙට රෝස පාටින් සභා ගැබට

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
ඔක්තෝබර් මාසයට යෙදෙන ලෝක පියයුරු පිළිකා දැනුවත් කිරීම් මාසයට සමගාමීව රෝස පැහැති ඇඳුමින් සැරසී හෙට (22දා) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ට දැනුම් දී තිබේ.
ගෝලීය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය විසින් මන්ත්‍රිවරුන්ට ලාංඡනයක් ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ ලාංඡනය මන්ත්‍රි පිවිසුමේදී ලබාදීමට කටයුතු යොදා ඇතැයි කථානායකවරයා දැනුම් දුන්නේය.

Share This