මන්ත්‍රින් 8කට පක්ෂ තහනමක්

(විනීතා එම්. ගමගේ)
පක්ෂයේ විනය උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් අට දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කර ඇත.
පක්ෂයේ උපදෙස්වලට පටහැනිව පළාත් පාලන ආයතන අයවැය අවස්ථාවන්හිදී ආණ්ඩු පක්ෂයට සහය දෙමින් අයවැය දිනවීමට කටයුතු කළේ යැයි ඔවුන් චෝදනා ලබා තිබේ.
මෙම අට දෙනා වන්නේ පදියතලාව ප්‍රාදේශීය සභාවේ වීරසිංහ දර්ශන විතානගේ, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහමදු නීසර් මුහම්මදු රිනෝස්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ. ඒ. අනුර කුමාර, සාරසිංහ ආරච්චිගේ අමිල් ඒරංග සහ රතුගමගේ උමේෂා රශ්මි මල්ෂානි, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වගලන්ගේ අතුල කුමාර වගලන් සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ජී. කේ. සුමේද ලක්මාල් යන මන්ත්‍රීවරුන් වෙති.
ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ ව්‍යවස්ථාවේ 16- 1 වගන්තිය අනුව එම නියෝජිතයන් වෙත දන්වා යවා තිබේ. ඔවුන් පිළිබඳ මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට සභාපතිවරයා කටයුතු කරනු ඇති අතර මධ්‍යම කාරක සභාව විනය කමිටුවට දන්වා අවශ්‍ය පියවර ගනු ඇතැයි එම
