මදුරෝ අල්ලාගත් නිලධාරියට ඇමරිකාවේ ඉහලම හමුදා සම්මානය දෙයි

හමුදා භටයන් 5000 ක හමුදා කඳවුරක් තුල ආරක්ෂක නිවාසයක රාත්‍රිය ගත කරද්දී වෙනිසියුලානු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට ගිය හෙලිකොප්ටර් යානාවලට නායකත්වය දුන් අමරිකානු යුධ නිලධාරී එරික් ස්ලෝවර් ට ඊයේ ඇමරිකානු හමුදාවේ ඉහලම සම්මානය ප්‍රදානය කළේය
ඔහු හෙලිකොප්ටරයක් පදවා ගෙන මදුරෝ ජනාධිපති සිටි කඳවුරට පහත කරද්දී වෙනිසියුලාවේ ආරක්ෂක භටයන් තැබූ වෙඩි පහරවල් කීපයක් කකුල්දෙකට සහ ඉනට වැදී ළේ ගලමින් සිටියදී යානය නිසි ස්ථානයට ගොඩ බා තිබේ ඔහු එසේ නොකළේ නම් සමස්ත ක්රියන්විතයම අසාර්ථක වීමට ඉඩ තිබුණු බව ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.
