මත හිත ගිය 1053ක් එක දිනකදී අත්අඩංගුවට

මත හිත ගිය 1053ක් එක දිනකදී අත්අඩංගුවට

-සෙනාෂ් කොළවත්ත-
මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ සැකකරුවන් 1053ක් (05දා) අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව හෙරොයින් කිලෝ තුනක්, අයිස් කිලෝ එකක්, ගංජා කිලෝ 54ක්, හෂිෂ් කිලෝ 11ක් ද එදින අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පිරිසෙන් පුද්ගලයන් නවදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයන් 19කට රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පුද්ගලයන් හතරක් පුනරුත්ථාපනයට යොමු කර තිබේ.

Share This