මතුගම කෝපිවත්තේදී ලක්ෂ 80ක වල්ලපට්ටා අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025 නොවැම්බර් මස 10 වන දින වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම මතුගම කෝපිවත්ත, ප්‍රදේශයේදී සිදුකරන ලද අතර එහිදී රුපියල් මිලියන 8කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා කිලෝ 15යි ග්‍රෑම් 750ක් සොයා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මකය.
