මත්පෙති 8000ක් සමග වතුගෙදරදී අයෙක් දැලේ

මත්පෙති 8000ක් සමග වතුගෙදරදී අයෙක් දැලේ

(ඇල්පිටිය – චන්ද්‍රසිරි ගුණසේකර)
ජාවාරම් කිරීම සඳහා රැගෙනවිත් තමන් සන්තකයේ තබාගෙන සිටි මිලිග්‍රෑම් 150 මත්පෙති 8000ක් අම්බලන්ගොඩ පොලිස් වසමේ වතුගෙදර ප්‍රදේශයේදී සැකකරුවකුද සමග (09) ඉකුත්දා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ටාශ දූෂණ මර්දන අංශය පවසයි.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බස්නායක මහතාගේ අධීක්ෂණයෙන් ඇල්පිටිය කොට්ටාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්, පොලිස් සැරයන් (58409) ජයලාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (82030) උදයකුමාර, (106907) ජයසූරිය, (106358) වීරසූරිය යන මහත්වරු මෙම වැටලීම සිදුකර තිබේ.

Share This