මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අලුතින් මධ්‍යස්ථාන තුනක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අලුතින් මධ්‍යස්ථාන තුනක්

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර අලුතින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මාතර, කුරුණෑගල, මඩකළපුව යන දිස්ත්‍රික්කවල මෙම මධ්‍යස්ථාන තුන ස්ථාපිත කිරීමට නියමිත බව අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය කියයි.
එක් මධ්‍යස්ථානයක එක් වරකට පුද්ගලයන් 120ක් පමණ රැඳවිය හැකි පරිදි මෙහ ඉදිකිරීමට නියමිතය.
මීට අමතරව වයස අවුරුදු 21ට අඩු අය පුනරුත්ථාපනය කිරීම සඳහා පේරාදෙණිය ප්‍රදේශයේ ද මධ්‍යස්ථානයක් ඉදිකිරීම සැලසුමය.

Share This