භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

(හැටන් – රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කල 1126 මිශ්‍ර දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද (18) පීලි පැනීමකට ලක් වී ඇති නිසා උඩරට දුම්රිය ධාවනය බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.
එම දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් උදෑසන 11.30ට පමණ පිලි පැන ඇති බවත් එම භාණ්ඩ ප්‍රවාහන පෙට්ටිය පීලි ගත කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් දුම්රිය පීලි පැන ඇති ස්ථානය ආසන්නයට ධාවනය කර එම දුම්රියවල ගමන් ගන්නා මගීන් අනෙක් දුම්රියන්වලට මාරු කර යැවීමට පියවර ගන්නා බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

Share This