බෝග වගාවට හානිකරන, රිලව් පන්නන්න අලුත් උපකරණයක්

බෝග වගාවට හානිකරන, රිලව් පන්නන්න අලුත් උපකරණයක්

සත්ත්ව හානි හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෝග වගාවන්ට විශාල විනාශයක් සිදුව තිබෙනවා.

ඒ අතරින් රිලවාගෙන් සිදුවන බෝග හානිය අති විශාලයි.

මෙරට තුළ රිලා ගහනය ද වැඩිවී ඇති බව සඳහන්.

ඒ අනුව රිලව්ගෙන් සිය වගාවන් බේරා ගැනීමට නොහැකිව ජනතාව අසරණ වී තිබෙන පුවත් විටින් විට අපට වාර්තා වනවා.

කෙසේ වෙතත් මීට තාවකාලික විසඳුමක් හඳුන්වාදීමට පිරිපුන් සංවිධානයේ සභාපති, ඉංජිනේරු ආනන්ද දේවසිංහ සහ තරුණ ඉංජිනේරු කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ඔවුන් ස්වයංක්‍රීයව සූර්‍ය් බලයෙන් ක්‍රියාකරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිර්මාණය කර ඇති අතර එම උපකරණය රිලව් බහුලව ගැවසෙන බුලත්කොහුපිටිය, වාගොල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්හදාබලා ඇති බවද සඳහන්.

එය රිලවා පැමිණෙන විට ශබ්දයක් නඟන අතර ඒ සමඟ මෙම උපකරණයෙන් කුඩා කිරණයක් විහිදනවා.

එම කිරණ රිලවාට දැනෙන අතර ඒ අනුව රිලවා ළඟට නොපැමිණෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම උපකරණයෙන් පිටවන ශබ්දය විටින් විට මාරු කළ යුතු අතර නොමැතිනම් එකම ශබ්දයක් විහිදුවන විට ඊට රිලවා අනුගත වන බවද සඳහන්.

මෙම උපකරණයෙන් බෝග වගාවට සිදුවන හානිය අවම කරගත හැකි අතර එමඟින් රිලවාටද කිසිදු හානියක් සිදුවන්නේ නැහැ.

Share This