බොරතෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාව ඉක්මවයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ වරායන් අවහිර කිරීමට නියෝග කිරීමත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව සඳහන් වේ.

මෙම පසුබිම තුළ, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් 7%කින් ඉහළ ගොස් ඩොලර් 102ක් දක්වා පැමිණ තිබේ.

එසේම, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල්ද 8%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 104.50ක් ලෙස සටහන් වී ඇත.

Share This