ඇමෙරිකාව විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ සම්බාධක ලිහිල් කර තිබේ. රුසියා යුක්රේන යුද ගැටුම් හේතුවෙන් රුසියානු බොරතෙල් අනික් රටවලින් මිලදී ගැනීම වැලැක්වීම සඳහා සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කළා.
එහෙත් ඇමෙරිකා ඉරාන ගැටුම් හටගැනීමත්, ගල්ෆ් කලාපය තුළ හටගත් අර්බුදකාරී තත්ත්වයත් සමග ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සමග රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමටයි ඇමෙරිකාව පියවර ගෙන ඇත්තේ.
ඒ හරහා බොරතෙල් මිල ඉහළයාම හරහා ඇති වන ආර්ථික බලපෑම මැඩ පැවැත්වීමට ඇමෙරිකාව උත්සාහයක් ගෙන ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මෙය තාවකාලික පියවරක් ලෙස ඇමෙරිකාව පැවසුව ද අවසරය අප්‍රේල් 11 වනදා තෙක් බලපැවැත්වෙනු ඇති.

