බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 150ට යයි – ජේපී මෝගන් බැංකු සමා­ගමෙන් අන­තුරු ඇගවීමක්

මාස­යක කාල­සී­මා­ව­කට හෝමූස් සමුද්‍ර සන්ධිය අව­හිර කිරී­මෙන් ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝක ප්‍රකට ජේපී මෝගන් බැංකු සමා­ගමේ අන­තුරු අඟවා ඇත. මේ නිසා බල­ශක්ති සැප­යු­මට දැඩි බල­පෑම් එල්ල වීමෙන් බොර­තෙල් මිල ඉහළ යෑම වළක්වා ගත නොහැකි තැනකට පත්වනු ඇතැයි ද වැඩි දුරටත් සද­හන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තීර­ණා­ත්මක සමුද්‍ර සන්ධිය ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් අව­හිර කිරීම හේතු­වෙන් ආසි­යාවේ සහ යුරෝ­පයේ රට­ව­ලට දැඩි බල­ශක්ති හිඟ­යක් උද්ගත වී ඇති අතර, ඉන්ධන මිල ඉහළ යෑමෙන් එම රට­වල ජන­තාව ආර්ථික අව­දා­න­ම­කට මුහුණ පා සිටින බවද වාර්තා වෙයි.

Share This