බූස්ස බන්ධනාගාරයෙන් යළිත් දුරකථන හමුවෙයි
බූස්ස බන්ධනාගාර රෝහල් පරිශ්රයේ සහ බන්ධනාගාර පරිශ්රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එම උපකරණ තොගය සොයාගෙන තිබෙනවා.
එහි දී බන්ධනාගාර රෝහළ තුළ හා බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 05ක්, ඩේටා කේබල් 08ක් හමු වී තිබෙනවා.
සොයාගත් දුරකථන උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.
මීට පෙරත් අවස්ථා කිහිපයකදී බූස්ස බන්ධනාගාරය තුළින් ස්මාර්ට් ජංගම දුරකථන, චාජර් සහ විවිධ වර්ගයේ දුරකථන සොයා ගනු ලැබුවා.