බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 14ක් හමුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 14ක්  හමුවෙයි

(යක්කලමුල්ල සඳනුවන් කීර්ති)
ගාල්ල බූස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ සිදුකරනු ලැබූ විශේෂ සොදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 14ක් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 14ක් සහ සිම් කාඩ් පත් 25ක් ඇතුළු දුරකථනය උපාංග කිහිපයක්ද සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් මෙසේ බුස්ස අධි ආරක්ෂිත’බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරීක්ෂා කිරීමේදී මෙම දුරථන සහ උපාංග සොයා ගැනීමට හැකි වී ඇත.

Share This