‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ සිව්වැනි රැස්වීම මහා විහාරවංශික ස්‍යමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (10) පස්වරුවේ රැස්විණි.
ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම, දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් විහාරස්ථාන නගාසිටුවීමේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සාකච්ඡා කිරීම, “යතිවර නිවහන” වැඩසටහන පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය සම්පාදනයෙ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම ආදී කරුණු මෙහිදි සාකච්ඡා කෙරිණි.
