බිරිඳගේ පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගතව සිටි සැමියා මිය යයි

බිරිඳගේ පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගතව සිටි සැමියා මිය යයි

(මොනරාගල – ළහිරු ගුණතිලක)
මහකළුගොල්ල පොලිස් වසමට අයත් 19 කණුව කරබගොඩයාය ප්‍රදේශයේදී 2025 සැප්තැම්බර් 21 වැනි දින නින්දේ සිටි තම සැමියාගේ හිසට බිරිඳ විසින් පහරදී රෝහල් ගතව සිටි සැමියා 11 වැනිදා රාත්‍රී අම්පාර මහ රෝහලේදී මිය ගොස් ැඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මහකළුගොල්ල කරබගොඩයාය 19 කණුව පදිංචි ආර්.එම් ගාමිණී පුෂ්ප කුමාර (43) නැමති සිව් දරු පියෙකි.
සැප්තැම්බර් 21 අලුයම් කාලයේ ඔහු ගොවිතැන් කටයුතු නිමකර නිවසට පැමිණ කාමරයේ නිදාගෙන සිටි අවස්ථාවේ බිරිඳ විසින් ඔහුගේ හිසට පොරවෙන් කොටා තිබේ.
බරපතළ තුවාල ලැබූ සැමියා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
සැකකාර බිරිඳ පොලීසිය මඟින් අත්අඩංග ගෙන තිබේ.

Share This