බිරිඳගේ පොරව පහරින් සැමියා එතැනමයි

බිරිඳගේ පොරව පහරින් සැමියා එතැනමයි

නිමල් දයාරත්න

වාලච්චේන – වාහනේරි ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ල කරන ලද පොරවකින් බරපතළ තුවාල ලැබූ සැමියා එම ස්ථානයේමදී මියගොස් තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46 ක් වූ වාලච්චේන වාහනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැමියා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මියගිය අය විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී බිරිඳ විසින් පොරවකින් ඔහුට පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ ි බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 42 ක් වන සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

Share This