බැකෝ සමන්, තැඹිලි ළහිරු දින අනූවක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(සමන් ගමගේ)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බැකෝ සමන් හා තැඹිලි ළහිරු දින අනූවක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ
මෙතේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී දකුණේ පාතාලයේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටද පොලිසිය සමත්ව ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ භාරයේ වරාය පොලිසියේ විශේෂ සිරමැදිරියක රඳවා සිටින එම සැකකරුවන් දෙදෙනාගෙන් ඉදිරියේදී තවත් අපරාධ රැසක තොරතුරු හෙළි වනු ඇතැයි
ඔවුන් සම්බන්ධයෙන් විර්ශනයේ යෙදෙන විමර්ශන නිලධාරියෙක් පැවසීය