බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
අත්අඩංගුවට ගෙන රරෑඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති සැකකරුගේ මස්සිනා 04දා අත්අඩංගුවට ගත්බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස කියයි.
මෙම සැකකරු දැනට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන පසුගියදා මෙරටට රුගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමති අපරාධකරුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම් අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුරෑගල මහතාගේ උපදෙස් මහත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් සිදු කරනු ලබයි.