බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම්වරිය බංග්ලාදේශයේ මූල්‍ය දූෂණ කරලා

බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම්වරිය බංග්ලාදේශයේ මූල්‍ය දූෂණ කරලා

බංග්ලාදේශයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් පවුම් බිලියන 3.9ක් දක්වා වංචා කළ බවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ අමාත්‍යවරියකට චෝදනා එල්ල වනවා.

එක්සත් රාජධානියේ මූල්‍ය වෙළෙඳපොළවල දූෂණ මැඩපැවැත්වීම සඳහා වගකිව යුතු භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම් ලෙස ඇය කටයුතු කිරීමත් විශේෂත්වයක්.

ටියුලිප් සිද්දික් නම් ඇය මෑතකදී බලයෙන් පහ කරන ලද එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ගේ ඥාතී දියණියක්.

2013 දී බංග්ලාදේශයේ නව න්‍යෂ්ටික බලාගාරයක් සඳහා රුසියාව සමඟ ගිවිසුමක් මගින්, පවුම් බිලියන 1ක් වංචා කිරීමට ඇය සහය වී ඇති බවටයි චෝදනා ගොනු කර ඇත්තේ.

තම නැන්දණියවන හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම සිදුකරන පුළුල් විමර්ශනයක කොටසක් ලෙස ඇයටත් චෝදනා එල්ල වන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් ටියුලිප් සිද්දික්, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහ භාණ්ඩාගාරය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසීය පවසනවා.

Share This