බහරේන්ව හි පිහිටි ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්තශාලාවකට ඉරානයෙන් ප්‍රහාරයක්

බහරේනයේ පිහිටි  ‘ඇලුමිනියම් බහරේන්’ (Alba) ආයතනය වෙත ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් එහි සේවකයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව එම සමාගම තහවුරු කරයි. මෙය ලොව විශාලතම ඇලුමිනියම් පිරිපහදු මධ්‍යස්ථානයකි.

සෙනසුරාදා දින එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවට සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විටත් තක්සේරු කරමින් පවතින බව බහරේන් පුවත් ඒජන්සිය වාර්තා කරනවා. ඉරාන වානේ කර්මාන්තශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ ‘Alba’ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Emirates Global Aluminium’ යන ආයතන ඉලක්ක කර ගත් බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guards) පවසා ඇත.

මැදපෙරදිග කලාපයේ කාර්මික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් ගෝලීය ඇලුමිනියම් මිල ඉහළ යාමට සහ සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

Share This