බලශක්ති ඇමැතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාදයි

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා‌ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමිවූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49ක් පමණි.

ඒ අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

Share This