බලශක්ති අර්බුදයට විසඳුම් සොයන්න අගමැතිනිය කමිටුවක් රැස්කරයි…
ඊයේ (01) මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මතුව ඇති ඉන්ධන සහ බලශක්ති අභියෝග ජය ගනිමින් රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා තිබෙනවා. මෙහිදී අනාවරණය වූ විශේෂ කරුණක් ලෙස මාර්තු 31 වන විට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඩීසල් භාවිතය 42%කින් ඉතිරි කර ගැනීමට සමත්ව ඇති බවයි.
එසේම පාසල් සහ විශ්ව විද්‍යාල අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා.
තවද විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හැකි සෑම අවස්ථාවකම මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එසේම මාර්ගගත රාජකාරි (Work from Home) අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරි කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන අප්‍රේල් 20ට පෙර නිකුත් කිරීමට නියමිතයි.
තවද විභාග සහ අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කළ පරිදි පවත්වා ඇති අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවකයින් පමණක් ගෙන්වා ගනිමින් සේවා පවත්වාගෙන යයි. එසේම දෛනික බලශක්ති පරිභෝජනය, ඉන්ධන සංචිත සහ රාජ්‍ය සේවක පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පුවරුවක් (Dashboard) හඳුන්වා දීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
මීට අමතරව, ජල පරිභෝජනය අපතේ යාම වැළැක්වීම සඳහා ජල සම්පාදන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
